- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
තායිලන්තයේ හිටපු අගමැතිනියට සිර දඬුවම්
Image copyright AFP
Image caption මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන මොහොතේ හිටපු අගමැතිනි යින්ලක් චිනවත් අධිකරණයට පැමිණ සිටියේ නැත
සාපරාධී ලෙස නොසැලකිලිමත් වීමේ වරදට තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලක් චිනවත් පස් වසරක සිර දඬුවමකට යටත් කෙරෙයි.
තායිලන්තයේ ක්‍රියාත්මක වූ සහල් සහනාධාර ව්‍යාපෘතිය නිසි ලෙස හැසිරවීමට අපොහොසත් වීම හේතුවෙන් රටට ඩොලර් බිලියන 8ක පාඩුවක් සිදුවී ඇතැයි එල්ල වූ චෝදනාවට හිටපු අගමැතිනිය වරදකාරිය බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය.
මෙම නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරන මොහොතේ හිටපු අගමැතිනි යින්ලක් චිනවත් අධිකරණයට පැමිණ සිටියේ නැත.
සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන හිටපු අගමැතිනිය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්වීමට මසකට පමණ පෙර රටින් පළාගොස් ඇති අතර මේවනවිට ඩුබායි හි සිටින බවට වාර්තා වේ.
ඇය බලයෙන් පහ කෙරුණේ 2014 දීය. ඉන් සති කිහිපයකට පසු හමුදා කුමන්ත්‍රණයක් දියත් විය. අනතුරුව ගෙන ආ දෝෂාභියෝගයක් මගින් ඇය නිල වශයෙන් තනතුරින් ඉවත් කෙරුණි.
රාජකාරි පැහැර හැරීම
මේ පිළිබඳව ජන මතය බෙදී ඇත. ග්‍රාමීය සහ දිළිඳු ජනයා අතර ඇය තවමත් ජනප්‍රිය දේශපාලන චරිතයකි.
එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් කියා සිටියේ ව්‍යාජ සහල් ගනුදෙනු සිදුවෙමින් පවතින බව අගමැතිනිය දැන සිටි නමුත් එය නතර කිරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බවය.
Image copyright AFP
Image caption ග්‍රාමීය සහ දිළිඳු ජනයා අතර ඇය තවමත් ජනප්‍රිය දේශපාලන චරිතයකි
සහල් ගනුදෙනු සඳහා අත්සන් කර ඇති කොන්ත්‍රාත් මගින් අයථා ලෙස ඉපැයීම් සිදු වී ඇති බවත් චූදිතයා රාජකාරි පැහැර ඇති බවත් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.
මෙම නඩු විභාගය අතරතුර හිටපු අගමැතිනිය ගේ තර්කය වූයේ අදාළ සහල් ව්‍යාපෘතිය එදිනෙදා දියත් වූ ආකාරය පිළිබඳව තමන්ට වගකිව නොහැකි අතර තමන් දේශපාලන ක්‍රියාදාමයක ගොදුරක් වී ඇති බවය.
මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයක සඳහන් වූ ප්‍රධාන පොරොන්දුවක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් හිටපු අගමැතිවරිය වරදකාරිය කිරීම මගින් නොගැළපෙන පූර්වාදර්ශයක් පෙන්නුම් කර ඇති බව බැංකොක් නුවර සිටින බීබීසී වාර්තාකරු ජොනතන් හෙඩ් පවසයි.
"මෙම ව්‍යාපෘතිය හරහා සිදුවූ බව පැවසෙන කිසිම දූෂණයකට ඇය සම්බන්ධ වී ඇති බවට ඇඟවෙන්නේ නැහැ" යනුවෙන් ඔහු පැවසීය.
කුමක්ද මේ සහනාධාරය?
Image copyright Reuters
තායිලන්තයේ හිටපු අගමැතිනි යින්ලක් චිනවත්ගේ මැතිවරණ පොරොන්දුවක් වූ මෙම සහල් සනනාධාර ව්‍යාපෘතිය ආරම්භ වුයේ 2011 දී ය.
ග්‍රාමීය ජනතාවගේ දිළිඳු බව තුරන් කිරීමේ අරමුණින් වෙළඳ පොලේ තිබූ මිල මෙන් දෙගුණයක් ගෙවා ඔවුන්ගේ සහල් අස්වනු ආණ්ඩුව විසින් අස්වනු මිලදී ගනු ලැබිණි.
එමගින් තායිලන්තයේ සහල් අපනයනයට ඩොලර් බිලියන 8ක පාඩුවක් සිදු වී ඇති බවට තායිලන්තයේ හමුදා පාලනය චෝදනා කරයි.
මෙම සහනාධාර ව්‍යාපෘතිය ජනතාව අතර ජනප්‍රිය වුවත් එය මිල අධික ව්‍යාපෘතියක් බවත් එමගින් දූෂණ වංචා සිදු වීමට දොරටු විවෘත වූ බවත් හිටපු අගමැතිනියගේ දේශපාලන විරුද්ධවාදීහු පවසති.
ඇය දැන් කොහේද?
ඇය මේ වනවිට ඩුබායි හි සිටින බවට විශ්වාස කෙරේ. ඇයගේ සහෝදරයා වන තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු වූ තක්සින් චිනවත් ද රටින් පළාගොස් ජීවත් වන්නේ ඩුබායි නගරයේ ය. ඔහු ද රටින් පළා ගොස් සිටින්නේ දූෂණ චෝදනාවලට වැරදි කරු වී 2008 දී සිර දඬුවම් නියම වීම හේතුවෙනි.
තම සහෝදරයාට දඬුවම් නියම වීමෙන් අනතුරුව යින්ලක් චිනවත් දේශපාලනයට පැමිණියාය. ඇයගේ දේශපාලන ආගමනය විවේචකයන් දුටුවේ බලයෙන් පැහැ කෙරුණු හිටපු අගමැති තක්සින් චිනවත් වෙනුවට යෙදවූ රූකඩයක් ලෙසිනි.
Image copyright PA
Image caption ඇයගේ සහෝදරයා වන තායිලන්තයේ හිටපු අගමැතිවරයෙකු වූ තක්සින් චිනවත්
මෙම සහෝදර සහෝදරියන් දෙදෙනාම ග්‍රාමීය ජනතාව අතර තවමත් ජනප්‍රිය වන නමුත් තායිලන්තයේ නාගරික සහ මධ්‍යම පාන්තික ජනතාව ඒ දෙදෙනාටම විරුද්ධ ය.
මොවුන් දෙදෙනාටම නියම වී ඇති දඬුවම් ක්‍රියාවට නැංවිය නොහැකි තත්වයක් උදා වී ඇත්තේ ඔවුන් රටින් බැහැරව ජීවත් වන බැවිනි.
හිටපු අගමැතිනි යින්ලක් චිනවත් ට එරෙහි නඩු විභාගය වසර දෙකක් පුරා පැවතුණි.
අවසන් තීන්දුව පසුගිය අගෝස්තු මාසයේ නිවේදනය කිරීමට නියමිතව තිබූ නමුත් බලාපොරොත්තු නොවූ පරිදි හිටපු අගමැතිනිය අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත. අනතුරුව ඇය අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කෙරුණි.