- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සෝයා ගනුදෙනුවෙන් කොළඹ කොටස් පිරිවැටුම ඉහළට
අද (04) මධ්‍යහ්නය වන විට කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික ගනුදෙනු පිරිවැටුම රුපියල් මිලියන 765 ඉක්මවා තිබිණි.
මේ සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වය ලබා දී තිබුණේ CONVENIENCE FOODS (LANKA) PLC (SOY.N0000) හි කොටස් ගනුදෙනුවකි.
Convenience Foods (Lanka) PLC හි ප්‍රධාන කොටස්කරුවා වූ සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් සමාගමයි. ඔවුන් සතුව පැවති Convenience Foods (Lanka) PLC කොටස් 1,962,977 ක් රු. 315.00 බැගින් මෙහිදී ගනුදෙනු වූ අතර රු. 618,337,755.00 ක පිරිවැටුමක් එමගින් වාර්තා විය.
Convenience Foods (Lanka) PLC සමාගමේ 71.381% ක කොටස් හිමිකාරීත්වය පැවතියේ සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් සතුවය.
සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් හි සෝයා ආශ්රිත නිෂ්පාදන සිදුකෙරෙනුයේ Convenience Foods (Lanka) PLC සමාගම හරහා ය