- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
දිස්ත්‍රික්ක කිහිපයක "තද වැසි ඇති විය හැකියි"
Image copyright Getty Images
Image caption පසුගිය මැයි මාසය අගදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක හටගත් ගංවතුර සහ නාය යාම්වලින් 200 කට වැඩි පිරිසක් මරුමුවට පත්විය
සිකුරාදා (සැප්තැම්බර් 01) සහ සෙනසුරාදා (සැප්තැම්බර් 02) දිනවල දිවයිනේ බොහෝ පළාත්වල තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
විශේෂයෙන්ම සබරගමුව පළාතේ සහ කළුතර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල ඉතා තද වැසි (මිලිමීටර 150 ට වැඩි) ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
එයට අමතරව වයඹ, බස්නාහිර සහ උතුරු මැද පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල මිලිමීටර 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවත් එහි සඳහන් වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇති විය හැකි බවට අනතුරු අඟවන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව, විශේෂයෙන්ම අකුණු මගින් සිදු විය හැකි අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා මෙන් මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
අදාළ ප්‍රදේශවල ජනතාව මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසයි.
"විශේෂයෙන්ම කඳුකර ප්‍රදේශවල ජනතාව නාය යාම් ලක්ෂණ පිළිබඳව සැලකිලිමත්වීම වැදගත් වෙනවා. ඒ එක්කම ගංගා ජල මට්ටම අඛණ්ඩව නිරීක්ෂණය කරනු ලබනවා."
Image caption පසුගිය මැයි මාසයේ රත්නපුර ප්‍රදේශයේ නාය ගිය අවස්ථාවක්
අවදානම් සහගත තත්වය පිළිබඳව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ අනෙක් සියලු හදිසි මෙහෙයුම් අංශ දැනුවත් කරනු ලැබ ඇති බවත් ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය.
පූර්ව දැනුම්දීමේ නිවේදන හැකි ඉක්මනින් ජනතාව වෙත ලබාදීම පිණිස කටයුතු කරන මෙන් ඔහු ජනමාධ්‍යවලින් විශේෂ ඉල්ලීමක් ද කළේය.
200 කට අධික පිරිසකට මරු කැඳවමින් පසුගිය මැයි මාසය අගදී ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක හටගත් ගංවතුර සහ නාය යාම්වලින් තවත් 70 කට වැඩි පිරිසක් අතුරුදහන් වූහ.
එහිදී නිවාස දහස් ගණනක් ද විනාශ වූ අතර, ලක්ෂ සංඛ්‍යාත පිරිසකට තාවකාලික කඳවුරුවල ලැගුම් ගැනීමට සිදුවිය.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga