- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ජෙනරාල් ජගත් ජයසූරියට යුද අපරාධ නඩුවක්
Image copyright Getty Images
බ්‍රසීලයේ සිටින ශ්‍රී ලංකා තානාපති ජනරාල් ජගත් ජයසූරියට එරෙහිව, 2009 ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේ අවසන් අදියරේ ඔහුගේ භූමිකාව සම්බන්ධයෙන් බ්‍රසීලයේ හා කොලොම්බියාව තුළ යුද අපරාධ චෝදනා ගොනු කළ බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය (ITJP) නම් සංවිධානය පවසයි.
රෝහල්වලට යළි යළිත් එල්ල කෙරුණු ප්‍රහාර, වධබන්ධන හා ලිංගික ප්‍රචණ්ඩත්වය, බලහත්කාර පැහැරගෙන යාම් මෙන්ම සාවද්‍ය මනුෂ්‍ය ඝාතන සම්බන්ධ හමුදා ඒකකවලට අණදුන් තැනැත්තා වශයෙන් ජනරාල් ජගත් ජයසූරිය පෞද්ගලිකව අපරාධ වගකීමක් දරන බවට බ්‍රසීලියා හා බොගෝටා නගරවල සඳුදා (අගෝස්තු 28) ගොනුකරන ලද නඩුවලින් චෝදනා එල්ල කෙරී ඇති බව එම සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
"එක්සත් ජාතීන්ගේ වාර්තාවල ද නම සඳහන් වූ මෙවැනි අයෙකුගේ ක්‍රියා පිළිවෙත සලකා බැලීමේදී ඔහු රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස විදේශයකට යැවීම සැහැසි ක්‍රියාවකි. ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය මෙන්ම එහි ලතින් ඇමෙරිකානු සහකරුවන්ගේ අපේක්ෂාව ජනරාල්වරයා නඩුවට මුහුණ දෙනු දැකීමයි. නමුත් ඒ වෙනුවට අපිට දැනගන්නට ලැබුනේ ඔහු හදිසියේම කලාපයෙන් පලාගොස් ශ්‍රී ලංකාවට ගොස් ඇති බවය," යැයි ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතියේ විධායක අධ්‍යක්ෂිකාව මෙන්ම දකුණු අප්‍රිකානු මානව හිමිකම් නීතිවේදිනියකවන යැස්මින් සූකා සඳහන් කළාය.
"තමන් නිවැරදි යැයි ජනරාල් ජයසූරිය සැබවින්ම විශ්වාස කරන්නේ නම් ඔහු කළ යුතුව තිබුනේ තනතුරේ රැදී සිටිමින් අධිකරණ ක්‍රියාදාමයට මුහුණ දීමයි," යැයි පැවසූ ඇය, "ශ්‍රී ලංකාව නීතියේ ආධිපත්‍යයට මෙන්ම වගවීමට සැබවින්ම කැපවී සිටින්නේ නම් ඔහුට විරුද්ධව චෝදනා ගොනු කිරීමට මෙය වෙලාවයි," යනුවෙන්ද සිය නිවේදනයෙන් කියා සිටී.
ලතින් ඇමෙරිකානු සංවිධාන කිහිපයක් සමග සහයෝගීතාවයෙන් මෙම නඩුව ගොනු කිරීම සම්බන්ධීකරණය කර ඇත්තේ ස්පාඤ්ඤ නීතිවේදියකුවන කාලෝස් කස්ට්‍රෙසානා ෆර්නැන්ඩස් විසිනි.
ඔහු, ජනරාල් විඩේලා සහ ජනරාල් පිනෝෂේට එරෙහිව 1996 දී ස්පාඤ්ඤයේ ජාතික අධිකරණයේදී නඩුවක් ඇරඹු ස්පාඤ්ඤ නීතිවේදීන් අතරින් කෙනෙකි. පසුව, ගුවාතමාලාහි, දුර්විපාක නොලබා සිටීමට එරෙහි කොමිසමේ (CICIG) ප්‍රධානියාව සිටියදී හිටපු ජනාධිපති අල්ෆොන්සෝ පොර්ටිලෝ ඇතුළු යුධ අපරාධකරුවන් මෙන්ම සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්වල සාමාජිකයින් ගණනාවකට අධිචෝදනා ගොනුකර ඇත.
ජනරාල් පිනෝෂේ
"ජනරාල් පිනෝෂේ හෝ විඩේලාට එරෙහිව අප ගෙන ගිය නඩුවට වඩා බරපතල අපරාධ පිළිබඳ සාක්ෂි මෙහි තිබෙනු දැක මා කම්පනයට පත් වුණා." යැයි පැවසු කස්ට්‍රෙසානා, "කවුරුවත් මුලින් විශ්වාස කළේ නැහැ පිනෝෂේගේ නඩුව ඉදිරියට යැයි කියා හෝ මිලිටරි ජුන්ටාව වගවීමෙන් බඳවා තබන්න ආජන්ටිනා අධිකරණයට කෙදිනකවත් හැකිවේවි කියා; ගුවාතමාලා ආරක්ෂක හමුදා වගවීමෙන් බඳවා තබයි කියා, නමුත් හොඳ, කැපවීමෙන් යුතු මිනිසුන් නිසා වින්දිතයන්ට සාධාරණය ඉටුකරන්නට හැකිවුනා යැයි මා කියන්නට කැමතියි. ඔහු බ්‍රසීලයෙන් පලායාම මා තකන්නේ නැහැ; නඩුව ඇරඹෙමිනුයි තිබෙන්නේ. ඔහු අපට වඩාත් පහසු කර තිබෙනවා, මොකද පලා යාම නිසා තවදුරටත් ඔහුට මුක්තිය හිමිවෙන්නේ නැහැ."
Image copyright Getty Images
Image caption ජනරාල් පිනෝෂේ
ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය පවසන්නේ 2007-9 කාලය තුළ ජනරාල් ජගත් ජයසූරිය වන්නි ආරක්ෂක ආඥාපතිව සිටි සමයේදී ඔහුගේ අණ යටතේ පැවතියේ යැයි පැවසෙන 'ජෝසෆ් කඳවුර' නම්වූ වධ කඳවුරින් පලා ආ 14 දෙනෙකුගෙන් තමන් ප්‍රකාශ එක්රැස්කොටගෙන ඇති බවය.
වධ දීම සඳහාම ගොඩ නගන ලදැයි පැවසෙන එම කඳවුර තුළ මාංචු හා දම්වැල්, රැඳවියන් උඩු යටිකුරු කර එසවීම සඳහාවූ කප්පි, සිවිලිමේ මාංචු ලෑ හැකි දඬුවලින් සමන්විත වධකාගාර මෙන්ම භූගත රැඳවුම් කුටිද වූ බව ජාත්‍යන්තර සත්‍ය හා සාධාරණය ව්‍යාපෘතිය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.
රාත්‍රියේදී රැඳවියන් නගන විලාප ඇසුණු බවත් එය කඳවුරේ පිහිටි ජනරාල්වරයාගේ නිවස්නයට ද ඇසෙන්නට ඇති බවත් වින්දිතයින් පැහැදිලි කළ බව එම සංවිධානය පවසයි. එය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ හමුදාපති පදවියට පත් ජනරාල් ජයසූරියට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ගයකින් තොර ඝාතන මෙන්ම අර්බුදය අවසානයේදී භාරවූ සියගණනක් බලහත්කාරයෙන් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් ද මෙම නඩුවෙන් ඔහුට චෝදනා එල්ල කර ඇති බවය.
'පලා ගියේ නෑ'
ජනරාල් ජගත් ජයසූරිය බ්‍රසීලයෙන් 'පලා ගොස්' ඇත්දැයි විමසීමක් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මහිශිනී කොලොන්නේ බීබීසී සිංහල සේවයට කියා සිටියේ, මේ මාසය අවසානයේ ඔහුගේ නිල කාලය අවසාන වූ බවය.
සිය ධුර කාලය අවසානයේ යළිත් සිය රට බලා පිටත් වූ ජනරාල්වරයා, බදාදා (අගෝස්තු 30) කොළඹට ළඟාවීමට නියමිත බව ද ප්‍රකාශිකාව සඳහන් කළාය.
"ඔහු බ්‍රසීලයෙන් පිටත් වන දිනය කලින් සැලසුම් කර තිබුණු අතර, ඇතැම් මාධ්‍ය වාර්තා කරන පරිදි ඔහු රටින් පලා ගියේ නැත," යනුවෙන් ද මහිශිනී කොලොන්නේ වැඩිදුරටත් සඳහන් කළාය.
වැඩිදුර විස්තර විමසීම පිණිස විදේශ අමාත්‍ය තිලක් මාරපන සහ විදේශ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වතාවක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.