- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
විජේදාස ඇමති පදවියෙන් නෙරපයි
විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් ප්‍රකාශයක්
ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රසිද්ධියේ විවේචනය කරනු ලැබීම මගින් කැබිනට් සාමූහික වගකීම උල්ලංඝනය කරන ලදැයි දෝෂ දර්ශනයට ලක්ව සිටි අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු භාර ඇමති විජේදාස රාජපක්ෂ පදවියෙන් ඉවත් කරනු ලැබුණි.
කැබිනට් ප්‍රකාශක ගයන්ත කරුණාතිලක ප්‍රකාශයක් කරමින්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අධිකරණ ඇමතිවරයා පදවියෙන් ඉවත් කරන ලද බව තහවුරු කළේය.
හම්බන්තොට වරාය 99 අවුරුද්දක් සඳහා චීනයට බදු දෙනු ලැබීම හිටපු අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව තුළදී මෙන්ම මාධ්‍ය සාකච්ඡා මගින්ද දැඩි විවේචනයට ලක් කළේය.
ඒ අතරම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සහ ඒකාබද්ධ විපක්ෂයේ සාමාජිකයන්ට එරෙහි නඩු ප්‍රමාද කරන බවටත් හිටපු අධිකරණ ඇමතිවරයාට එරෙහිව ආණ්ඩු පක්ෂය චෝදනා කරයි.
Image caption ඇමතිවරයා පදවියේ දිව්රුම් දුන් අවස්ථාව
හිටපු ඇමති විජේදාස රාජපක්ෂ එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga